517382974_23915669621388485_1288096722356118606_n
blogs
Home » Uncategorized  »  🏆🎉 Thank You for Making This Achievement Possible! 🎉🏆
🏆🎉 Thank You for Making This Achievement Possible! 🎉🏆

🏆 අභිමානයෙන් දැනුම් දෙමු!

2026 වසරේ මුල් කාර්තුව තුළ Nippon Paint තීන්ත නිෂ්පාදන යොදා ගනිමින් පින්තාරුකරණයේ නිරත වූ කොන්ත්‍රාත්කරුවන් අතරින්, සමස්ත ශ්‍රී ලංකාවේ දෙවන ස්ථානයත්, මාතර දිස්ත්‍රික්කයේ සහ දකුණු පළාතේ ප්‍රථම ස්ථානයත් හිමිකර ගැනීමට LMP Construction ආයතනය සමත් වූ බව ඉමහත් සතුටින් දැනුම් දෙමු.

මෙම විශිෂ්ට ජයග්‍රහණය අප වෙත හිමිවූයේ අප කෙරෙහි විශ්වාසය තබා අපගේ සේවාවන් තෝරාගත් ඔබ සැමගේ නොමද සහයෝගය නිසාවෙනි. ඒ වෙනුවෙන් අපගේ හදපිරි ස්තුතිය සහ ගෞරවය ඔබ සැම වෙත පුද කරමු. 🙏

ඉදිරියටත් නවීන තාක්ෂණය, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ වෘත්තීයමය ප්‍රමිතීන් සමඟින්, ඔබගේ විශ්වාසය තවදුරටත් රැකගනිමින් වගකීමෙන්, කාර්යක්ෂමව හා ගුණාත්මක සේවාවක් ලබාදීමට LMP Construction අපි කැපවී සිටින්නෙමු.

🏆 සම්මානලාභී • රජයේ ලියාපදිංචි • විශ්වාසනීය සේවාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *